අප්පමාදෝ අමතපදං – පමාදෝ මච්චුනෝ පදං, අප්පමත්තා න මීයන්ති – යේ පමත්තා යථා මතා”
අප්‍රමාදීව සීල, සමාධි, ප්රඥා වඩන තැනැත්තා ඒ අමා නිවන කරා යනවා. කාම සැපයට වසඟ වෙලා ප්‍රමාද වෙන තැනැත්තාට ලැබෙන්නෙ ආයෙ ආයෙමත් මරණය විතරයි. අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන උදවිය අමරණීය වෙනවා. ප්‍රමාද වෙච්ච උදවිය ජීවත් වුණත් මළ කඳන් වගේ තමයි.
*
උපුටා ගන්නා ලද්දේ පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් කරන ලද සරල සිංහල “ධම්ම පදය” පරිවර්තනයෙනි
කාලය ගෙවී යන්නේ අපටත් හොරාමයි. තත්පර, මිනිත්තු, පැය, දින ගනන් වලට පෙරලී, දින සති වලට පෙරලී, සති මාස, මාස අවුරුදු වන්නේ කොතරම් ඉක්මනින්ද..
මේ ගෙවී යන කාලය අපි වැය කරන්නේ කොහොමද? මැරෙන කොට අපිට යන්න වෙන්නේ හිස් අතින් වුවොත්, මේ ලැබුන මිනිස් ජීවිතයෙන් ගත හැකිව තිබූ වටිනාකම අපි නිකරුණේ අපතේ දාලාද?
කාලය නිසි සේ ප්‍රයෝජනයට ගෙන , අපිත් මේ සසර දුකින් එතෙර වීමට වීර්ය
කිරීමට දැන් සුදුසුම වෙලාව නේද?
කාලය කළමණාකරණය කිරිම ගැන කළ මේ උතුම් දේශනාව පිටිගල ගුණරතන හිමියන් විසිනි.
අහන්න.
මේ ධර්ම දානය, මෙම දේශනාව පටිගත කළ අයටත්, නොයෙක් අයුරින් සහය දුන් අයටත්, ප්‍රතමයෙන් මෙම දේශනාව අන්තර්ජාලයේ බෙදා හැරිය අයටත්, අපට ධර්මය කියා දෙන සියලු කළ්යාණ මිත්‍රයන් වහන්සේලාටත්, ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන අපටත් , චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීම පිණිසම උපකාර වේවා!!